SPEAKING PRACTICE - 1
MY FIRST QUESTIONS – Set 1
1. ඔයාගේ නම මොකක්ද? – What’s your name?
2. කොහොමද ඔයා ඒකෙ අකුරු කියන්නේ? – How do you spell it?
3. මොනවද ඔයාගේ මුලකුරු? – What are your initials?
4. මට කියන්න ඔයාගේ මුලකුරු සමඟ නම? – Tell me your name with initials?
5. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සම්පූර්ණ නම? – Can I know your full name?
6. ඔයාට තියෙනවද කවට නමක් හරි සුරතල් නමක් හරි? – Do you have a nickname or a pet name?
7. ඔයාගේ යාළුවෝ ඔයාට මොකක් කියලද කථාකරන්නේ? – What do your friends call you?
8. ඔයා කැමතිද ඔයාගේ නමට? ඇයි? – Do you like your name? Why?
9. කවද්ද ඔයාගේ උපන්දිනේ? – When’s your birthday?
10. ඔයා සමරනවද ඔයාගේ උපන්දිනේ? කොහොමද? / ඇයි? – Do you celebrate your birthday? How? / Why?
11. ඔයාට කොච්චර වයසද? – How old are you?
12. කවද්ද ඔයා ඉපදුනේ? – When were you born?
13. කොහෙද ඔයා ඉපදුනේ? – Where were you born?
14. ඔයා කොහෙද හැදී වැඩුනේ? – Where did you grow up?
15. කවුද ඔයාව හදා වඩා ගත්තේ? – Who brought you up?
16. කොහෙද ඔයා ජීවත්වුනේ ඔයාගේ ලමා කාලයෙන් වැඩිහරියක්? – Where did you live most of your childhood?
17. ඔයා කොච්චර උසද? – How tall are you?
18. ඔයා කොච්චර බරද? – How much do you weight?
19. ඔයා කොහෙන්ද? – Where are you from?
20. ඔයා කොහෙද ජීවත්වෙන්නේ? – Where do you live?
21. ඔයා කොහෙන්ද එන්නේ? – Where do you come from?
22. ඔයා නැවතිලා ඉන්නේ කොහෙද? – Where are you staying?
23. පනගම තියෙන්නේ කොහෙද? – Where is Panagama?
24. ඔයා කොහෙද ජීවත්වෙන්නේ රත්නපුරේ? – Where do you live in Ratnapura?
25. ඔයාගේ ගම මොන වගේද? – What’s your village like?
26. දැන් වෙලාව කීයද? – What time is it now?
27. අද දිනය මොකක්ද? – What’s the date today?
28. අද දවස මොකක්ද? – What day is it today?
29. ඔයාට කොහොමද අද? – How are you today?
30. ඔයාට කොහොමද දැනෙන්නේ අද? – How are you feeling today?
31. අද කාලගුණය මොන වගේද? – What’s the weather like today?
32. ඔයා මොකද කරන්නේ හැමදාම? – What do you do every day?
33. ඔයා මොකද කරන්නේ මේ දැන්? – What are you doing right now?
34. ඔයා මොකද කරන්නේ මේ දවස්වල? – What are you doing these days?
35. මොකක්ද මේක? – What’s this?
36. ඔයා කොහොමද ඒකේ අකුරු කියන්නේ? – How do you spell it?
37. ඒක මොන පාටද? – What colour is it?
38. ඒක මොන හැඩයද? – What shape is it?
39. ඒක කීයද? – How much is it?
40. ඒක කොහෙද? – Where is it?
41. මම කනවා. – I eat.
42. මම කන්නේ නෑ. – I don’t eat.
43. ඔයා කනවද? – Do you eat?
44. ඔයා කුකුල් මස් කනවද? – Do you eat chicken?
45. ඔයා ජීවත්වෙන්නේ ගමකද? – Do you live in a village?
46. ඔයා සඟරා කියවනවද? – Do you read magazines?
47. ඔයා සැහැල්ලු ඇඳුම් අඳිනවද? – Do you wear casual clothes?
48. ඔයා දෙමළ කථාකරනවද? – Do you speak Tamil?
49. ඔයා කෝපි බොනවද? – Do you drink coffee?
50. ඔයා උයනවද? – Do you cook?
51. ඔයා වොලිබෝල් ගහනවද? – Do you play volleyball?
52. ඔයා බටනලාව වාදනය කරනවද? – Do you play the flute?
53. ඔයා රැකියාවක් කරනවද? – Do you work?
54. ඔයා ඇවිදිනවද? – Do you walk?
55. ඔයා ෆිල්ම් බලනවද? – Do you watch films?
56. ඔයා ජිම් එකට යනවද? – Do you go to the gym?
57. ඔයා එළියෙන් යනවද? – Do you eat out?
58. ඔයා රෙදි සෝදනවද? – Do you do the washing?
59. ඔයා සතුටුවෙනවද සංගීතයෙන්? – Do you enjoy music?
60. ඔයා සැලසුම් කරනවද රට යන්න? – Do you plan to migrate?
61. ඔයා දන්නවද මේ ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා? – Do you know how to play this game?
62. ඔයාට ඔයාගේ ඉංග්‍රීසි දියුණුකරගන්න ඕනිද? – Do you want to improve your English?
63. ඔයා තනියම කාලය ගතකරනවද? – Do you spend time alone?
64. ඔයා දේවල් කල්දානවද? – Do you postpone things?
65. ඔයා රේඩියෝ එක අහනවද? – Do you listen to the radio?
66. ඔයා මුදල් උපයනවද? – Do you earn money?
67. ඔයාට දේශපාලනය පෙන්නන්න බැරිද? – Do you hate politics?
68. ඔයා දෙවියන් අදහනවද? - Do you believe in God?
69. ඔයා බොරු කියනවද? – Do you tell lies?
70. ඔයා ඇත්ත කියනවද? – Do you tell the truth?
71. ඔයා ඔයාගේ දවස වේලාසනින්ද පටන්ගන්නේ? – Do you start your day early?
72. ඔයා නටනවද නැත්නම් සිංදු කියනවද? – Do you dance or sing?
73. ඔයා බොනවද? – Do you drink?
74. ඔයා දුම් බොනවද? – Do you smoke?
75. ඔයා ඔයාගේ පළපුරුද්ද පාවිච්චිකරනවද? – Do you use your experience?
76. ඔයා ඔයාගේ වත්තේ වැඩකරනවද? – Do you work in your garden?
77. ඔයා සත්තුන්ට කෑම දෙනවද? – Do you feed animals?
78. ඔයා ට්රිප් යනවද? – Do you go on trips? / Do you get away?
79. ඔයා හැමදේකටම ගෙවනවද? – Do you pay for everything?
80. ඔයා වාහන පදිනවද? – Do you drive?
81. ඔයා අන්තර්ජාලයෙන් බඩු ගන්නවද? – Do you shop online?
82. ඔයා ඇඳුම් ණයට ගන්නවද? – Do you borrow clothes?
83. ඔයා සල්ලි ණයට දෙනවද? – Do you lend money?
84. ඔයා මොකක්හරි දේශපාලන පක්ෂයකට අයිතිද? – Do you belong to any political party?
85. ඔයා සංගීත භාණ්ඩයක් පුහුණුවෙනවද? – Do you practice a musical instrument?
86. ඔයා තීරණ ගන්නවද? – Do you take decisions?
87. ඔයා අත්වැරදි කරනවද? – Do you make mistakes?
88. ඔයා එළියෙන් කෑම ගෙන්නා ගන්නවද? – Do you get takeaways?
89. ඔයා අසල්වැසියන් බලන්න යනවද? – Do you visit neighbours?
90. ඔයා පීනන්න යනවද? – Do you go swimming?
91. ඔයා සත්තු මරණවද? – Do you kill animals?
92. ඔයා ෆොටෝ ගන්නවද? – Do you take photos?
93. ඔයා මුද්දර එකතුකරනවද? – Do you collect stamps?
94. ඔයා ඔයාගේ යාළුවන්ට කෙටි පණිවිඩ යවනවද? – Do you text your friends?
95. ඔයා ව්‍යායාම කරනවද? – Do you do exercise?
96. ඔයා වැඩ පෙන්නනවද? – Do you show off?
97. ඔයා ක්‍රීඩා වලදී හොර කරනවද? – Do you cheat in games?
98. ඔයා අනිත් අයව රවට්ටනවද? – Do you deceive others?
99. ඔයා අනිත් අයට කවටකම් කරනවද? – Do you play tricks on others?
100. ඔයා දේවල් නැවත පාවිච්චි කරනවද? – Do you reuse things?

Comments
Post a Comment