Ideas into English - හිතෙන දේ ඉංග්‍රීසියෙන් කියන්න | Introduction - හැඳින්වීම


පැකිලීමකින් තොරව ප්‍රයෝගිකව ඉංග්‍රීසි භාවිතා කිරීමටත්, විවිධ ක්‍රම වලට තනිව ඉංග්‍රීසි ඉගෙනීමටත් සිසුන්ට හැකියාව ලබදෙන බොහෝ විටම ලංකාවේ සාර්ථකම පදනම් ඉංග්‍රීසි පාඨමාලාව අප ඔබට හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටකින් හා අභිමානයකිනි. වර්ථමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නූතන තාක්ෂණය භාවිතා කරමින් වාග්විද්‍යාත්මකව නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව පියවර 10 කින් සම්පූර්ණ කරනු ලබන මොඩියුල 7 කින් සමන්විතයි.

It is with great pride and pleasure we present to you most probably the best foundation English course in Sri Lanka, which enables students to use English practically with no hesitation and learn English by themselves in a variety of ways. This particular course which is tailored responding to the needs of present-day life using modern technology consists of seven modules each covered in 10 steps.

Course:              Certificate in Practical English Usage

ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව

Level:              CEFR A2-B1

Delivery Mode:  Bilingual (ද්වි භාෂා)

Duration:         12 4-hour sessions | 48 hours

පැය 4 සැසි 12 ක් | පැය 48 ක්

Contents:          7 lessons a day (one from each module) – 84 lessons

එක් මොඩියුලයකින් එකක් බැගින් දිනකට පාඩම් 7 ක් (පාඩම් 84 ක්)

Fee:                    LKR 12000/= (LKR 4000/= වාරික 03 කින් ගෙවිය හැක)


CONTENTS - අන්තර්ගතය


Module 1          Spelling, pronunciation and vocabulary building

අක්ෂර වින්‍යාසය, උච්චාරණය හා වාග්මාලාව ගොඩනැගීම

 

Module 2          Noun phrases and sentence patterns

නාම ප්‍රකාශන හා වාක්‍ය රටා

 

Module 3          Making conversations

සංවාද කිරීම

 

Module 4          Making mini-speeches and brief presentations

කෙටි ඉදිරිපත්කිරීම් කිරීම හා කෙටි කථා පැවැත්වීම

 

Module 5          Asking questions and answering / Interviewing people ප්‍රශ්න ඇසීම හා පිළිතුරුදීම / සම්මුඛ පරීක්ෂා කිරීම

 

Module 6          Describing and discussing pictures

පිංතූර විස්තර කිරීම හා සාකච්ඡා කිරීම

 

Module 7          Creating a digital English environment

ඩිජිටල් ඉංග්‍රීසි පරිසරයක් නිර්මාණය කිරීම




පලමු මොඩියුලය | Module 1



ඉංග්‍රීසි වචන වල නිවැරදිව උච්චාරණය, අක්ෂර වින්‍යාසය හා වාග්මාලාව සංවර්ධනය කිරීම.

The correct pronunciation and spelling of English words and vocabulary development.

බොහොමයක් සිසුන් ඉංග්‍රීසි කථාකිරීමට මැලිවන්නේ නිවැරදිව උච්චාරණය කිරීමට නොහැකි වීමත්, තම අදහස් ප්‍රකශ කිරීමට ප්‍රමාණවත් තරම් වචන නොමැතිවීමත් හේතුවෙනි. 

Most English students are reluctant to speak English because they have difficulty pronouncing English words and they don’t have sufficient vocabulary.


 දෙවන මොඩියුලය | Module 2



නාම ප්‍රකාශන හා වාක්‍ය රටා
Noun phrases and sentence patterns

ඉංග්‍රීසි භාෂාවේ යම් අර්ථයක් ප්‍රකාශකිරීමට නිෂ්චිත රටාවක් ඇත. සිංහල වාක්‍යයේ වචන ඉංග්‍රීසි වචන වලින් ආදේශ කරනවාට වඩා සිසුන් පුහුණුකල යුත්තේ සමස්ථ අදහස/අර්ථය ඉංග්‍රීසියට පෙරලීමටයි. 

There’s always some accepted pattern to express a certain meaning in English. Students should be taught to turn the whole idea/meaning into English rather than replacing individual words in the Sinhalese sentence with English words.

 

තුන්වන මොඩියුලය | Module 3



සංවාද කිරීම
Making conversation

සැලකිය යුතු ඉංග්‍රීසි දැනුමක් ඔබ සතුව තිබුනද ඔබට ප්‍රායෝගික සමාජීය අවස්ථාවන් වලදී ඉංග්‍රීසි භාවිතාකිරීමේ හුරුව නොමැති නම් ඔබට දක්ෂ ඉංග්‍රීසි බස හසුරුවන්නෙක් වීමට අපහසුය. 

It is hard for you to become a competent user of English despite having a sound knowledge unless you are familiar with practical English used in different social situations.

 

හතරවන මොඩියුලය | Module 4




කෙටි ඉදිරිපත් කිරීම කිරීම / කතා පැවැත්වීම
Making brief presentations / mini-speeches

තම ඉංග්‍රීසි භාෂා පුහුණුවීම් ක්‍රියාවලියේ කොටසක් ලෙස සිසුන් පිරිසක් ඇමතීමේ කුසලතාවයන් දියුණුකර ගත යුතුය. 

Students are supposed to develop their public speaking skills as part of their English language learning process.

 

පස්වන මොඩියුලය | Module 5




ප්‍රශ්න ඇසීම හා පිලිතුරු දීම
Asking questions and answering

විවිධ සන්දර්භයන් පිලිබඳව ප්‍රශ්න ඇසීමේත් ප්‍රතිචාර දැක්වීමේත් හැකියාව කෙනෙකුගේ භාෂා කුසලතාවයන් තුල වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. 

The ability to ask questions about different contexts and to respond to them plays a significant role in the development of one’s language capability.

 

හයවන මොඩියුලය | Module 6




පිංතූර විස්තර කිරීම හා සාකච්ඡා කිරීම
Describing and discussing pictures

ඔබ දෙවන භාෂාවක් ඉගෙනගෙන පුහුණුවන විට ඔබ දකින දේ වීස්තර කිරීමටත්, සාකච්ඡා කිරීමටත්, දකින දෙයින් විනිශ්චයන්ට එලඹීමටත් හැකිවීම වැදගත්ය. 

It important to be able to describe, discuss and judge from what you see when you learn and practice a second language.

 

හත්වන මොඩියුලය | Module 7



ඩිජිටල් ඉංග්‍රීසි පරිසරයක් නිර්මාණය කිරීම
Creating a digital English environment

බොහොමයක් ලාංකීය ඉංග්‍රීසි සිසුන් පැමිණෙන්නේ ඉංග්‍රීසි කථා නොකරන පරිසරයන්ගෙනි. එමනිසා ඔවුන්ට 'ඇහෙන දේ නැවත කියන්න' යන මූලික භාෂා ඉගෙනුම් ක්‍රමවේදය මගහැරේ. මෙම මොඩියුලය එම ගැටළුවට සාර්ථක විසඳුමකි. 

Most Sri Lankan students come from almost non-English-speaking backgrounds, and therefore they miss the most effective language acquisition methodology ‘Repeat what you hear.’ This module is an effective solution to this problem.

 



Sample Materials

 

Week 1    Handout    download

Week 1    Digital English Environment check

Week 2    Handout    download

Week 2    Digital English Environment check

Week 3    Handout    download

Week 3    Digital English Environment check

Comments

Popular posts from this blog

ideas into English - Module 7 - Creating a digital English environment - step 3

ideas into English - Module 7 - Creating a digital English environment - step 1